ගොඩක්
දෙනෙක් මේ ගැන අහලා ඇතිනේ. අමුතුවෙන් කියන්න ඕන නෑ කියලත් හිතනවා. මේ
වෙද්දී මේ කතාවේ හතරවෙනි සීසන් විකාශය වෙමින් පවතින්නේ. . Teen wolf කතා මාලාව විකාශය වෙන්න පටං ගන්නේ 2011 වර්ෂයේදී. MTV කියන ඇමරිකානු
නාළිකාවේ තමයි විකාශය උනේ. නමුත් මේකෙදී 1985දී චිත්‍රපටියක් ඇවිත් තියෙනවා
Teen Wolf කියන නමින්ම. කියවෙන හැටියටනම් ඒ චිත්‍රපටියේ පොඩි ආභාෂයකුත්
මේකට තියෙනවා.
ඉතින්
මේ නාට්‍යය මාලාව සම්මාන බොහොමයකටම හිමිකම් කියලා තියෙනවා වගේම, සම්මාන
බොහොමයකට නාමයෝජනා වෙලාද තියෙනවා. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ කතාව
ගෙතේතේ ස්කොට් මැක්කෝල් කියන කෙනත් එක්ක. මෙයා උසස් අධ්‍යාපනය හදාරන
කෙනෙක්. ඉන්නේ බේකන් හිල්ස් වල. ඒත් ස්කොට්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්
වෙන්නේ එයාව මිනිස් වෘකයෙක් හැපුවට පස්සෙයි. ඒ ස්කොටුත් මිනිස් වෘකයෙක්
වෙන්න ගත්තා.
ඉතින් ස්කොට් ඉගෙන ගන්න ඕන මේ බලය පාලනය කරන හැටි වගේම, එයාට
මිනිස්සුන්ව මරණ්න තියෙන ඉඩකඩ වැඩි නිසා මේ දේවලුත් පාලනය කරගන්න ඕන. ඒත්
දවසින් දවස එයාගේ ශක්තිය වැඩිවෙනවා. මේ තරුණ ජීවිතය ඉබේම විශාල වෙනසකට
මුහුණ දෙනවා. කොං වෙලා වගේ හිටපු මේ ස්කොට් එකපාරටම කාටත් හිතාගන්න
බැරිවිදිහට වෙනස්ම අයුරකින් මුලු ඉස්කෝලමෙ දැනගන්න කෙනෙක් බවට පත්වෙනවා.
ඒත් ස්කොට් උත්සාහ කරන්නෙම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. හැමෝගෙන්ම මේ
මිනිස් වෘකයාගේ රහස හංගගෙන ඉන්න. එයාගේ හොඳම යාලුවා ස්ටයිල්ස්ගෙන් පවා. ඒත්
මෙයාගේ මේ සිතුවිල්ල වෙනස් කරන්නේ තවත් මිනිස් වෘකයෙක් වන, ඩෙරෙක් හේල්
විසින්.
මේ කතාවට කැමති අය ඉන්නවා නම් අපෙන් ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ අපේ Facebook පිටුවට message කරල ඇණවුම් කරන එක විතරයි.
www.facebook.com/Budgetshop
Hot Line : 0770618657
Hot Line : 0770618657

0 comments:
Post a Comment